Saturday, January 21, 2017

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත අනුමාන ප්‍රශ්න අංක 02

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත අනුමාන ප්‍රශ්න පිළිතුරු

1.      පරිගණක ජාලගත කිරීමේ වාසියක් වන්නේ
            (a)   උපස්ථ පිටපත් (Backup Copy) ලබාගැනීමේ පහසුව


(b)    ගොනු හවුලේ භාවිතා කිරිමේ හැකියාව (File Sharing)

(c)    සම්පත් භාවිතා කිරීමේ පහසුව (Easier to Access Resources)

(d)    ඉහත සියල්ලම


(d)
2.      මෙහෙයුම් පද්ධතියක් (An Operating System) නොවනනේ
(a)   Windows 7
(b)   Linux

(c)    Unix
(d)   Internet Explorer
(d)

3.      දෘඩ තැටියේ ධාරිතාවය ප්‍රකාශ කල නොහැක්කේ
(a)   ටෙරා බයිට (Terabytes) වලිනි
(b)   මෙගා බයිට (Megabytes) වලිනි

(c)    ගිගා බයිට (Gigabytes) වලිනි
(d)   ගිගා හර්ට්ස් (GHz) වලිනි
(d)
4.      මිතුරෙකුට ඉතා ඉක්මනින් ම පණිවිඩයක් ‍යැවීමට වඩාත්ම සුදුසු මෘදුකාංගය කුමක් ද?
(a)   වදන් සැකසුම් (Word Processor)
(b)   විද්‍යුත් තැපැල් (Email)

(c)    දත්ත සමුදාය (Databases)
(d)   වෙබ් අතිරික්සුව (Web browser)
(b)

5.      විද්‍යුත් තැපැල් මෘදුකාංගයක් තුල විද්‍යුත් ලිපිනයන් ඇතුලත් කිරීමට ඇති ස්ථානයක් නොවන්නේ
(a)   To
(b)   CC

(c)    CCC
(d)   BCC
(c)

6.      පහත ඒවායින් නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය කුමක් ද?
(a)   ajith@silva@gmail.com
(b)   ajithsilva#slt.lk

(c)    ajith.silva24@yahoo
(d)   ajithsilva24@slt.lk
(d)

7.      පහත සඳහන් ඒවායින් Internet Banking (අන්තර්ජාල බැංකුකරණය) යන්න හදුන් වන්නේ කුමක් මගින් ද?
(a)   Net Banking
(b)   Online Banking

(c)    Automatic Banking
(d)   Easy Banking
(b)

8.      අන්තර් ජාලයට සම්බන්ධ කර අති පරිගණකයක් හඳුනාගනු ලබන්නේ
(a)   විද්‍යුත් තැපැල් (email) ලිපිනයෙනි
(b)   නිවසේ ලිපිනයෙනි

(c)    IP ලිපිනයෙනි
(d)   ඉහත කිසිවකින් නොවේ
(c)

9.      පෙළ (text) කොපි කිරීම (copy) සහ ඇලවීම (paste) සඳහා භාවිතා කරන යතුරු සංයෝජනය (key combination) පිලිවෙලින්
(a)   Ctrl + C සහ Ctrl + P
(b)   Ctrl + C සහ Ctrl + V

(c)    Alt + C සහ Alt + P
(d)   Alt + C සහ Alt + V
(b)

10.  දීර්ඝ ලේඛණයක් සකස් කිරීමේ දී නිතර කලයුතු කාර්යයක් වන්නේ

(a)   Print කිරීම
(b)   Save කිරීම

(c)    Delete කිරීම
(d)   Search කිරීම
(b)

1 comment:

  1. A beginner's guide to Casino gambling | Dr.MD
    Casino 대전광역 출장안마 games 평택 출장안마 have become 제주도 출장안마 so popular and so popular 거제 출장마사지 in Las Vegas, you can for any reason, and for some reason, casinos offer a 이천 출장안마 unique casino.

    ReplyDelete