Saturday, January 21, 2017

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත අනුමාන ප්‍රශ්න අංක 01

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත අනුමාන ප්‍රශ්න පිළිතුරු

1.      පරිගණකයක ප්‍රතිදාන උපාංගයක් (Output Device) වන්නේ කුමක් ද?
(a)    යතුරු පුවරුව (Keyboard)
(b)               මොනිටරය (Monitor)

(c)    මූසිකය (Mouse)
(d)               සුපරික්ෂකය (Scanner)
(b)

2.      මනා ලෙස සැකසූ දත්ත (data) මෙලෙස හදුන්වනු ලැබේ.
(a)   ක්ෂේත්‍ර(fields)
(b)   වචන(words)

(c)    තොරතුරු(information)
(d)   ගොනු(files)
(c)

3.      ඔබගේ ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කිරීම සඳහා ලිපියක් සකස් කිරීමට වඩාත්ම සුදුසු මෘදුකාංගය කුමක් ද?
(a)    වදන් සැකසුම් (Word Processing)
(b)               පැතුරුම් පත් (Spreadsheets)

(c)    -සමර්පණ ( Presentation Software)
(d)               චිත්‍රක ක්‍රමලේඛ (Graphic Program)
(a)

4.      අන්තර්ජාලය (Internet) භාවිතා කිරීමට යොදාගන්නා මෘදුකාංගයක් වන්නේ
(a)    දත්ත සමුදාය (Databases)
(b)   පැතුරුම්පත් (Spreadsheets)

(c)    වෙබ් අතිරික්සුව (Web browser)
(d)   චිත්‍රක ක්‍රමලේඛ  (Graphic Program)
(c)

5.      වෙබ් අතිරික්සුවකට (Web Browser) උදාහරණයක් නොවන්නේ කුමක් ද?
(a)   Firefox
(b)   Microsoft Access

(c)    Google Chrome
(d)   Internet Explorer
(b)

6.      පරිගණක වෛරස හඳුනා ගැනීමට සහ ඒවායින් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන්නේ කුමන මෘදුකාංගය ද?
(a)    දත්ත සමුදාය (Databases)


(b)    ප්‍රතිභාගීකරණ මෘදුකාංගය (Defragmentation Software)

(c)    මෙහෙයුම් පද්ධතිය (Operating System)

(d)    ප්‍රති-වෛරස මෘදුකාංගය (Anti-Virus Software)

(d)

7.      ආදාන උපාංගයක් මෙන්ම ප්‍රතිදාන උපාංගයක් ලෙස ක්‍රියා කරන්නේ
(a)    යතුරු පුවරුව (Keyboard)
(b)   මොනිටරය (Monitor)

(c)    ස්පර්ශ තිරය (Touch Screen)
(d)   මුද්‍රකය (Printer)
(c)

8.   ඕනෑම අයෙකුට තමන්ගේ අවශ්‍යතාවය පරිදි වෙනස් කරගත හැකි මෘදුකාංග(Open Source) වලට උදහරණයක් වන්නේ
(a)     Microsoft Word
(b)   Adobe Photoshop

(c)    Libre Office
(d)   Windows 8
(c)

9.   පරිගණකයක දත්ත සැකසීමේ (Processing) නිවැරදි අනුපිලිවෙල වන්නේ
(a)   සැකසීම (Processing), ආදානය(Input), ප්‍රතිදානය(Output)
(b)   ප්‍රතිදානය, සැකසීම, ආදානය

(c)    ආදානය, සැකසීම, ප්‍රතිදානය
(d)   ආදානය, ප්‍රතිදානය, සැකසීම
(c)




1 comment: